හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පොහොට්ටුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ රජය සඳුදා වෙනුවට බදාදාවක් නිවාඩු ලෙස ප්‍රකාශ කළේ විනෝද වීමට ඇති අයිතිය වළක්වා කුහක අදහකින් බවයි. ඔහු මෙසේ කියයි.
"දැන් මෙහෙමයි ඉතින්, ඔය ආණ්ඩුව සතුටු වෙන්න දෙන හැටිනේ.
ඒක තමයි කියන්න තියෙන්නේ, ආණ්ඩුව සතුටු වෙන්න ඉඩ දෙන හැටි.
මොකද, දැන් ඔය ආණ්ඩුවේ ඉන්න අය ක්‍රියාත්මක කරන්නේ මොන තරම් කුහක, තක්කඩි න්‍යායක්ද කියන එකට මේක හොඳ උදාහරණයක්.
දැන් සඳුදා නිවාඩුව දුන්නා නම්, සමහර විට ජනතාව සෙනසුරාදා, ඉරිදා ඉඳලා සඳුදාත් එක්කම ඒ දිගු නිවාඩුව භුක්ති විඳියි.
ඉතින් ආණ්ඩුව හිතනවා, "නෑ මේගොල්ලෝ ගමන් බිමන් යයි" කියලා. ඇයි දැන් ආණ්ඩුවේ ඇමතිවරු කියනවනේ අනවශ්‍ය ගමන් බිමන් යන්න එපා කියලා. මොනවද මේ අනවශ්‍ය ගමන් බිමන්?
අද ජන ජීවිතයේ කෙනෙකුට අනවශ්‍ය ගමන් බිමන් කියලා දෙයක් තියෙනවද?
එහෙනම් අනවශ්‍ය ගමන් බිමන් කියලා ඒගොල්ලෝ හිතනවා ඇත්තේ වන්දනාවේ යන එක වෙන්න ඇති.
ආ.. එහෙම නැත්නම් ඥාතියෙක් හම්බවෙන්න යන එක, එහෙමත් නැත්නම් විනෝද ගමනක් යන එක.
ඉතින් විනෝද වෙන්න දෙනවා කියලානේ මේගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ උඩින්ම ලිව්වේ.
'සතුටින් පිරුණු ජීවිතයක්' ද මොකක්ද කියලා නේද කිව්වේ? සතුට කියන එකනේ දෙනවා කිව්වේ, මගේ අම්මේ පුරවලාම!
ඉතින් දැන් මේ වැඩවලින් කරලා තියෙන්නේ අන්න ඒකයි.
එහෙටත් නැති මෙහෙටත් නැති දේවල් නොකර, තෙල් නැත්නම් ජනතාව තමන්ගේ අත්‍යාවශ්‍ය දේවල් ටික විතරක් කරගනියි.
උදාහරණයකට දැන් අපි වුණත් රැස්වීමකට සහභාගී වෙද්දී, අපේ සහෝදර මන්ත්‍රීවරු දෙතුන් දෙනෙක් එකතු වෙලා එක වාහනයෙනේ යන්නේ. ඉස්සර වාහන තුනේ ගිය අය දැන් යන්නේ එක වාහනේ.
ඉතින් ඒවා ජනතාවට සාමාන්‍ය දේවල්. ඒගොල්ලෝ ඒවා කළමනාකරණය කරගන්න දන්නවා.
මේවාට ආණ්ඩුව මැදිහත් වෙලා, ආණ්ඩුවේ තියෙන තක්කඩිකම් පෙන්නන්න ඕනේ නෑ.
ඉතින් ඒ නිසා බදාදා දවස, මම ඒකයි කිව්වේ, මේගොල්ලන්ට බදාදා දවසත් එක්ක ආත්මීය බැඳීමක් තියෙනවා. ඒ නිසා තමයි ජනතාවට සතුටු වෙන එක පැත්තක තියලා, සතුටු වෙන්න ඕනෙ නම් 'මව්බිම නැත්නම් මරණය' කියන එක තෝරගනිල්ලා කියන තැනට තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ."

