a-wildfire-in-hatton-reserve

​මධ්‍යම කඳුකරයට බලපා ඇති දැඩි වියළි කාලගුණයත් සමඟ හැටන්, දික්ඔය – දොරවල වතුයායේ ඉලුක් සහිත රක්ෂිතයක ඊයේ (26) දහවල් 2.00 ට පමණ හදිසි ගින්නක් හටගෙන තිබේ.




​ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණය සහ තද සුළං තත්ත්වය හේතුවෙන් ගින්න ඉතා සීග්‍රයෙන් වතුයාය පුරා පැතිර ගොස් ඇත. ගින්න තවදුරටත් ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා එම වතුයායේ කම්කරුවන් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව වාර්තා වේ.

​මේ දිනවල මධ්‍යම කඳුකරයට බලපා ඇති දැඩි හිරු රශ්මිය හේතුවෙන් ප්‍රදේශයේ ජල උල්පත් බොහොමයක් සිඳී යමින් පවතී. එවන් පසුබිමක මෙලෙස රක්ෂිත සහ කැලෑ ගිනි තැබීම නිසා පවතින ජල උල්පත් තවදුරටත් සිඳී යාමේ හා විනාශ වීමේ දැඩි තර්ජනයක් මතුව ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.

a-wildfire-in-hatton-reserve

a-wildfire-in-hatton-reserve

a-wildfire-in-hatton-reserve

a-wildfire-in-hatton-reserve