යාපනයේ ඌරේලු ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සමාගමක නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ ඉන්ධන තොගයක් සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය දිස්ත්‍රික් අපරාධ වැළැක්වීමේ කොට්ඨාශය මගින් සිදු කළ විශේෂ මෙහෙයුමකදීය.
අදාළ ගබඩාව පරීක්ෂා කිරීමේදී ඩීසල් ලීටර් 4700ක්, පෙට්‍රල් ලීටර් 800ක් සහ භූමිතෙල් ලීටර් 400ක් සොයා ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටී.

