a-group-of-sri-lankans-who-were-stuck-in-dubai-came-to-the-island

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගෙන ගුවන් යානයක් අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.




කටුනායක ගුවන් තොටුපොල ආරංචි සඳහන් කළේ, ෆිට්ස් එයාර් ගුවන් සේවයට අයත් මෙම ගුවන් යානය අද අලුයම 12.05ට පමණ මගීන් 133 දෙනෙකු සමග පැමිණි බවයි.

මේ අතර, ඕමානයේ මස්කට් නුවර සිට තවත් ගුවන් යානයක් ද අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වී තිබේ.




මැදපෙරදිග යුද ගැටුම් ඇරඹීම හේතුවෙන් අත්හිටුවා තිබූ ගුවන් ගමන් ඊයේ (20) පස්වරුවේ සිට යළි ආරම්භ වූ බව වාර්තා වේ.

ඒ අනුව, ෆිට්ස් එයාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඊයේ පස්වරු 1.20ට මගීන් 47 දෙනෙකු සහ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු ද සමග ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය.