ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද 'අඹ යහළුවෝ' කෘතියේ පිටපත් තම වෙළඳසැල තුළ ප්‍රදර්ශනය කිරීම සහ අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී මෙම සැකකරු නීතියේ රැහැනට හසුකරගෙන ඇත.
කළුතර දකුණ ප්‍රදේශයේ පොත් අලෙවිසැලක් පවත්වාගෙන යනු ලබන මෙම සැකකරු 39 හැවිරිදි වියේ පසුවන්නෙකි. අදාළ පොත්හල තුළ මෙම ව්‍යාජ කෘතීන් අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබූ බවට පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 2 මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.