rohan-olugala-is-in-the-intensive-care-unit

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.




පසුගිය 30 වැනිදා රාත්‍රියේ හටගත් හදිසි අසනීප තත්ත්වයක් මත ඒ මහතා මූලික ප්‍රතිකාර සඳහා පළමුව ඇතුළත් කරනු ලැබුවේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල වෙතය.

එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි විශේෂ වෛද්‍ය කණ්ඩායමක් විසින් සහකාර පොලිස් අධිකාරීවරයාව පරීක්ෂා කර ඇති අතර, එම වෛද්‍ය නිර්දේශ මත වැඩිදුර ප්‍රතිකාර ලබා දීම සඳහා ඔහුව කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගෙන තිබේ.




වර්තමානයේදී ඔහු ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර, මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් පොලිස්පතිවරයා තහවුරු කර ඇත්තේ රොහාන් ඕලුගල මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට සුව අතට හැරෙමින් පවතින බවයි.