නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට දැඩි අප්‍රසාදය පළ කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මූලිකත්වයෙන් නීතිඥවරුන් පිරිසක් අද (16) දිනයේදී විරෝධතා පාගමනක නිරත වූහ. මෙම විරෝධතාවය ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සිට ශ්‍රී ලංකා නීතිඥ සංගම් ප්‍රධාන කාර්යාලය දක්වා ගමන් කරන ලදී.
මෙම ඝාතනයට එරෙහිව සිය විරෝධය දැක්වීම සඳහා දිවයින පුරා සිටින සියලුම නීතිඥවරුන් අද දිනයේ අධිකරණ කටයුතුවලින් බැහැරව සිටීමට පියවර ගත්හ.
මේ හේතුවෙන් නඩු කටයුතු සඳහා අධිකරණ වෙත පැමිණි මහජනතාව දැඩි අපහසුතාවයකට පත්වූ අතර, නීතිඥවරුන්ගේ මෙම විරෝධතාවය සංකේතවත් කරමින් දිවයිනේ බොහෝ අධිකරණ පරිශ්‍රයන්හි කළු කොඩි ප්‍රදර්ශනය කර තිබෙනු දක්නට ලැබුණි.
නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් සිදු කර ඇති මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු මේ වන විටත් පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර, ඊට අදාළ වැඩිදුර විමර්ශන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ඝාතනයට ලක්වූ අඹුසැමි යුවළගේ දේහයන් ඔවුන්ගේ පිටිගල පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර, එහි අවසන් කටයුතු අද දිනයේදීම සිදු කිරීමට නියමිතව තිබේ.
