trump-talks-maduro-arrest

වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ, වෙනිසියුලාව තුළ ආරක්ෂිත සහ ක්‍රමවත් බල හුවමාරුවක් සිදුවන තෙක් එම රට එක්සත් ජනපදය විසින් පාලනය කරනු ලබන බවයි. මෙම මෙහෙයුම ඉතා සාර්ථකව අවසන් වූ බවත්, එහිදී කිසිදු ඇමෙරිකානු හමුදා සෙබළෙකුට ජීවිත හානියක් සිදු නොවූ බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

වෙනිසියුලාවේ පාලන කටයුතු සදහා නිශ්චිත යාන්ත්‍රණයක් සකසන බව පැවසූ ට්‍රම්ප්, ඒ සඳහා තමා පිටුපස සිටින රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඇතුළු කණ්ඩායම මූලිකත්වය ගනු ඇති බව ඉඟි කළේය.




මෙම හමුදා මෙහෙයුම ඉතා රහසිගතව සහ නිශ්චිත ඉලක්ක වෙත එල්ල කරන ලද්දක් බවත්, ඊට ගුවන් යානා 150 කට අධික ප්‍රමාණයක් සහභාගී වූ බවත් ඇමෙරිකානු හමුදා ප්‍රධානීන් අනාවරණය කළහ. මදුරෝ රැඳී සිටි ස්ථානය සහ ඔහුගේ චර්යාවන් පිළිබඳව මාස ගණනක් තිස්සේ බුද්ධි තොරතුරු රැස් කර තිබූ අතර, ඇමෙරිකානු හමුදා එම ස්ථානය වටලනු ලැබූ අවස්ථාවේදී මදුරෝ සහ ඔහුගේ බිරිඳ යටත් වූ බව වාර්තා වේ. අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන USS Iwo Jima නෞකාව වෙත රැගෙන ගොස් ඇති අතර, ට්‍රම්ප් විසින් මදුරෝගේ ඡායාරූපයක් ද මාධ්‍ය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සඳහන් කළේ මදුරෝ නීත්‍යානුකූල ජනාධිපතිවරයෙකු ලෙස ඇමෙරිකාව හෝ යුරෝපා සංගමය පිළිනොගන්නා බවත්, ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇමෙරිකානු අධිකරණයට අවශ්‍යව සිටි අයෙකු බවත්ය. මදුරෝට මෙම තත්ත්වය මගහරවා ගැනීමට අවස්ථා කිහිපයක් තිබුණ ද ඔහු එය පැහැර හැර ක්‍රියා කළ බව රුබියෝ චෝදනා කළේය. මදුරෝ සහ ඔහුගේ බිරිඳට එරෙහිව නිව්යෝර්ක් හිදී මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ සම්බන්ධයෙන් නඩු පැවරීමට නියමිත අතර ඔවුන් ඇමෙරිකානු භූමියේදී එරට නීතියට මුහුණ දෙනු ඇත.




වෙනිසියුලාවේ තෙල් කර්මාන්තය යළි නගා සිටුවීමට සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ඇමෙරිකානු සමාගම් යොදවන බව පැවසූ ජනාධිපති ට්‍රම්ප්, අවශ්‍ය වුවහොත් වෙනිසියුලාවට එරෙහිව මීටත් වඩා විශාල දෙවන ප්‍රහාරයක් දියත් කිරීමට ඇමෙරිකාව සූදානම් බවට අනතුරු ඇඟවීය. මෙම මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට දැඩි පහරක් එල්ල වූ බවත්, වෙනිසියුලානු ජනතාවට නිදහස සහ පොහොසත්කම උදා කර දීම තම අරමුණ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. වෙනිසියුලානු හමුදා මෙම ප්‍රහාරයට මුහුණ දීමට සූදානමින් සිටියද, ඇමෙරිකානු හමුදා ශක්තිය හමුවේ ඔවුන් අඩපණ වූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. වෙනිසියුලානු ජනපති අත්අඩංගුවට පත්වූ පසු ලබාගත් ඡායාරූපයක්ද මේ වනවිට ට්‍රම්ප් ප්‍රසිද්ධියට පත් කර තිබෙන අතර එය පහතින්

trump-talks-maduro-arrest