the-tractor-fell-into-the-maduru-oya-zd-canal-and-the-drivers-life-was-saved-photos

පොළොන්නරුව මාදුරුඔය ZD ඇලට වෙහෙරගම ප්‍රදේශයෙන් ට්‍රැක්ටර් රථයක් පෙරළී යාමෙන් ඊයේ (26) පෙරවරුවේ බරපතළ අනතුරක් සිදුව තිබේ. ට්‍රේලරය ද සහිතව මෙම ට්‍රැක්ටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ඇලට වැටී ඇත්තේ මැදගම සිට වෙහෙරගම දෙසට ගමන් කරමින් සිටියදීය.

එම අවස්ථාවේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කුඩා ලොරි රථයකට මාර්ගයේ ඉඩ ලබාදීමට උත්සාහ කිරීමේදී රියදුරුට පාලනය කරගත නොහැකි වූ ට්‍රැක්ටරය මෙලෙස ඇල දෙසට පෙරළී ගොස් ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී රථය පදවාගෙන ගිය රියදුරු අතිශය හාස්කමකින් මෙන් දිවි බේරාගෙන ඇති අතර ඔහුට කිසිදු බරපතළ තුවාලයක් සිදුව නොමැති බව වාර්තා වේ. 

මෙම අනතුර හේතුවෙන් ට්‍රැක්ටර් රථයට සැලකිය යුතු හානි සිදුව ඇති බව ප්‍රදේශවාසීන් පවසති.අදාළ මාර්ගය පටු වීම සහ ඇල රක්ෂිතය දෙසට ආරක්ෂිත වැටක් නොමැති වීම මෙවැනි අනතුරු සඳහා ප්‍රධාන සාධකයක් වී ඇති බව ප්‍රදේශවාසීන් චෝදනා කර තිබේ.