අද (18) දහවල් පෑලියගොඩ, මීගහවත්ත ප්‍රදේශයේදී පරවියන් සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
තියුණු ආයුධයකින් පහරදීමෙන් මෙම ඝාතනය සිදුව ඇති අතර, එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර තිබේ. මියගිය පුද්ගලයා වයස අවුරුදු 38ක් වන වත්තල, ඔලියමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ අතර, පහරදීම සිදුකළ සැකකරු ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
