12.45pm update
ලංකා සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කර රජයට මූල්‍යමය පාඩුවක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවත්වනු ලබන විමර්ශනවලට අදාළව, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු අමාත්‍යවරයාට අයත් එතනෝල් නිෂ්පාදන සමාගමක කටයුතු සඳහා ඔහුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රයෝජනය පිණිස මෙම සතොස ලොරි රථය යොදවා ගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත.
10.15 am update
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, සතොසට අයත් ලොරියක් අයුතු ලෙස පරිහරණය කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටියේය.
පසුගිය දිනවල ඔහුව පොලිසිය සොයමින් සිටියදී අතුරුදන්ව සිටියේය.
ලංකා සතොසට අයත් ලොරියක් අයුතු ලෙස පරිහරණය කර, රජයට මූල්‍යමය පාඩුවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබූ පසුබිමක, අද දිනයේ FCID හමුවේ පෙනී සිටින ලෙස හිටපු අමාත්‍යවරයාට දැනුම් දී තිබුණි.
ෆර්නෑන්ඩු මහතා සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ලංකා සතොස ප්‍රවාහන කළමනාකරු ලෙස සේවය කළ ඉන්දික රත්නමාලල මහතා ඊයේ (04) මේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබීය. වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ජනවාරි 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.මෙම සිදුවීමට අදාළව ජොන්ස්ටන් පුත් ජොහාන් ෆර්නෑන්ඩුද අත්අඩංගුවට පත්විය.
හිටපු අමාත්‍යවරයාට අයත් එතනෝල් සමාගමක් විසින්, ඔහුගේ පුත් ජොහාන් ෆර්නෑන්ඩු මහතාගේ ප්‍රයෝජනය සඳහා සතොස ලොරියක් භාවිත කිරීමට අවස්ථාව සැලසීම පිණිස ව්‍යාජ ලේඛන සකස් කිරීමේ චෝදනා යටතේ රත්නමාලල මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.