දෙහිවල, මුහුදු මාවතේ පිහිටි 'සී ෂාර්ක්' (Sea Shark) සංචාරක හෝටලයේ හිමිකරු සිකුරාදා (09) රාත්‍රී 8.45ට පමණ වෙඩි තබා ඝාතනය කර ඇත. බරපතළ තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, 57 හැවිරිදි ඔහු ජීවිතක්ෂයට පත් විය.
මුහුණු ආවරණය කර නොසිටි පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර තිබේ. සිද්ධිය වන අවස්ථාවේදී හෝටල් හිමිකරු සිය මිනිබිරිය සමඟ රැඳී සිට ඇති බවට තොරතුරු වාර්තා වේ.
මෙම වෙඩි ප්‍රහාරය පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලිසිය සැක පළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ දෙහිවල පොලිසිය එක්ව පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.
මෙම වසරේ සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදු කරන ලද දෙවන වෙඩි තැබීම මෙය වන අතර, එම වෙඩි තැබීම් හේතුවෙන් මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.