namals-money-laundering-case-adjourned-to-july-30-due-to-non-admission-of-attorney-general

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කෙරෙන විමර්ශනයකට අදාළ නඩුව යළි ජූලි මස 30 වනදා කැඳවීමට නියෝග කර ඇත.




අද (29) දින මෙම නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවන ලද අවස්ථාවේදී, නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනෙකු සැකකරුවන් ලෙස අධිකරණයට ඉදිරිපත් විය.

එහිදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අධිකරණයට දන්වා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි.




ඒ අනුව, මහෙස්ත්‍රාත්වරයා නඩුව යළි ජූලි 30 වැනිදා කැඳවීමට නියෝග කළ අතර, එදිනට නීතිපති උපදෙස්වල ස්ථාවරය පිළිබඳව අධිකරණයට දැනුම් දෙන ලෙසද නියම කළේය.

මෙම විමර්ශනය පවත්වනු ලබන්නේ, 2016 වසරේදී ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් මතය. එම පැමිණිල්ල මගින් චෝදනා කරන්නේ, නාමල් රාජපක්ෂ මහතා සමාගමක් පවත්වාගෙන යමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අයථා ලෙස උපයාගත් මුදල් විශුද්ධිකරණයට ලක් කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවයි.