padukka-teacher-burnt-kosgama

පාදුක්ක ප්‍රදේශයේ පදිංචිව සිටි ගුරුවරයෙකු කොස්ගම ප්‍රදේශයේ නිවසක් තුළ පිළිස්සී මියගොස් සිටියදී ඊයේ (31) දින සොයාගෙන තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පාදුක්ක, මින්විසිතුරුගම, හල්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි මොරදේගේ නන්දකුමාර නැමැති අයෙකි.




කොස්ගම පොලිසිය පවසන පරිදි කොස්ගම, මූනමලේ වත්ත වොලිබෝල් ක්‍රීඩා පිටිය ආසන්නයේ පිහිටි නිවසක තිබී මෙම මෘත ශරීරය හමුවී ඇති අතර ඔහු එම නිවසේ කුලී පදනම මත තාවකාලිකව පදිංචිව සිට ඇත. මියගිය පුද්ගලයා හංවැල්ල ඉලුකෝවිට විද්‍යාලයේ සේවය කරමින් සිටි පාසල් ගුරුවරයෙකු බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

නිවසේ නිදා සිටියදී ශරීරයට ගිනි ඇවිලුණේ ද, විදුලි කාන්දුවක් නිසා හටගත් ගින්නකින් අනතුර සිදුවූයේ ද එසේත් නොමැතිනම් මෙය ගිනි තබාගෙන සිදුකරගත් සියදිවි නසාගැනීමක් ද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගම පොලිසිය විසින් පුළුල් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

padukka-teacher-burnt-kosgama