ඉන්දීය ගුවන් නියමුවෙකු සිය මාස අටක් වයසැති බිළිඳා පළමු වරට ගුවන් යානයක රැගෙන යන හදවතට දැනෙන සංවේදී වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතී. ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් හරහා බෙදාගෙන ඇති මෙම වීඩියෝවේ දැක්වෙන්නේ,
අගස්ත්‍ය ඛන්නා නම් කුඩා පුතු සිය පියා වන ආකාෂ් ඛන්නා නියමුවා ලෙස කටයුතු කරන ගුවන් යානයට ගොඩවන ආකර්ෂණීය අවස්ථාවයි. මෙහි ඇති වඩාත් සිත්ගන්නාසුළු කරුණ නම්, මෙම කුඩා දරුවා ද සිය පියාගේ වෘත්තීය නිල ඇඳුමට සමාන කුඩා නියමු ඇඳුමකින් සැරසී සිටීමයි.බිළිඳා ගුවන් යානය තුළට ඇතුළු වන විට ඔහුගේ දෑස් විස්මයෙන් විසල් වී තිබූ අයුරු කැමරා කාචයේ සටහන්ව තිබූ අතර, නියමු කුටිය තුළදී පියා විසින් යානයේ පාලන පද්ධතිය පිළිබඳව දරුවාට ආදරයෙන් කියා දෙන අයුරු කාගේත් අවධානය දිනා ගත්තේය. ගුවන් යානය පිටත්වීමට මොහොතකට පෙර මෙම පවුලේ සාමාජිකයන් නියමු කුටිය තුළ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටි අතර,
"ළාබාලතම සහාය නියමු අගස්ත්‍ය ඛන්නා තාත්තාගේ ගුවන් යානයේ පළමු වරට ගමන් කරමින්... මොනතරම් ප්‍රීතියක්ද... ස්තූතියි තාත්තේ," යනුවෙන් හැඟීම්බර සටහනක් ද එම වීඩියෝවට එක් කර තිබිණි.
මෙම වීඩියෝව නැරඹූ බොහෝ දෙනා අගස්ත්‍ය අනාගත ගුවන් නියමුවෙකු වනු ඇති බවට අනාවැකි පළ කර තිබූ අතර, මෙය අන්තර්ජාලයේ දුටු සොඳුරුතම දසුනක් බවට ද බොහෝ දෙනා අදහස් දක්වා තිබේ. තවත් පිරිසක් පවසා තිබුණේ මෙවැනි දසුන් තුළින් තමන්ව ඇති දැඩි කළ දෙමාපියන් සහ ඔවුන් කළ කැපකිරීම් නිරායාසයෙන්ම සිහිපත් වන බවත්, මෙම දරුවාට මෙවැනි ආදරණීය පියෙකු ලැබීම විශාල වාසනාවක් බවත් ය.
සිදුවීමට අදාළ වීඩියෝව මෙතැනින් click here