කැකුණදුර, පරවාහැර ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයක් අවසානයේ දෙපාර්ශවයේ ඥාතීන් අතර හටගත් ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. පසුගිය 08 වනදා පැවති මෙම විවාහ මංගල්‍යයේ සවස් කාලයේ පැවති මත්පැන් සාදය අතරතුර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම මෙම ගැටුමට හේතුවී ඇතැයි ගන්දර පොලීසිය පවසයි.
මෙහිදී මනාල පාර්ශවයේ පිරිසක් විසින් එල්ල කළ පහර දීමක් හේතුවෙන් මනාලියගේ සහෝදරයාගේ පාදයක අස්ථි බිඳීමක් සිදුව ඇති අතර,
තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කළ පුළුල් විමර්ශනයකින් අනතුරුව මෙම පහර දීමට සම්බන්ධ වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පොලිස් නිලධාරියෙකු ද වන බව විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.