
මහා පරිමාණයෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු අලෙවිය සඳහා සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 මිලි ග්‍රෑම් 150ක් සමඟ දෙහිවල පොලිස් දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 02 වනදා දෙහිවල දුම්රියපොළ පාරේ පිහිටි පොදු වෙළෙඳපොළ ආසන්නයේදී මෙම වැටලීම සිදු කර ඇති අතර, සැකකරු සන්තකයේ තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරු කච්චාන ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි වියේ පසුවන අයෙකි. මොහු දීර්ඝ කාලයක පටන් ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන්ගෙන් මත්ද්‍රව්‍ය ලබාගෙන,
තම නිවසේදී ඒවා කුඩා පැකට් ලෙස සකස් කර රත්මලාන, මොරටුව, ලුනාව, අඟුලාන සහ ගල්කිස්ස යන ප්‍රදේශවලට බෙදා හැරීමේ ජාවාරමක් පවත්වාගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. කොට්ඨාස බුද්ධි අංශයට සහ දෙහිවල පොලිස් බුද්ධි අංශ නිලධාරියෙකුට ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිසිය, සැකකරු වෙරළ තීරය දෙසට මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටියදී මෙලෙස කොටු කරගෙන තිබේ.
සැකකරු පසුගිය 03 වනදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා ගත් රැඳවුම් නියෝග මත මේ වන විට ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරමින් පවතී.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ජේ. ගුණසේකර මහතාගේ අධීක්ෂණය සහ දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කර ඇත. දෙහිවල පොලිස් දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පල්ලියගුරුගේ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල්වරුන් වන (94594) ප්‍රේමතිලක, (97329) රණතුංග සහ (101813) සංගීත් යන නිලධාරීන් කණ්ඩායම විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval