opportunity-to-travel-on-sri-lanka-transport-board-buses-with-train-season-tickets

 දුම්රිය වාර ප්‍රවේශපත්‍ර භාවිත කරමින් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල ගමන් කිරීමේ අවස්ථාව මගීන් වෙත ලබා දීමට එම මණ්ඩලය විසින් මේ වන විට තීරණය කර ඇත.



ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා පවසන පරිදි මෙම හදිසි තීරණය ගෙන ඇත්තේ 'ඩිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයින තුළ මේ වන විට උද්ගතව ඇති අයහපත් කාලගුණික සහ ආපදා තත්ත්වය සැළකිල්ලට ගනිමිනි.

කෙසේ වෙතත් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අධි සුඛෝපභෝගී බස් රථවල ගමන් කිරීම සඳහා මෙම අවසරය වලංගු නොවන බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.
අදාළ නිවේදනය පහතින්




gossiplanka image 2