Notification about School Term Tests

2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා පැවැත්වීමට නියමිත වාර පරීක්ෂණ සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නැවත වරක් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, 6 වන ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා වාර පරීක්ෂණ නොපැවැත්වීමට අමාත්‍යාංශය උපදෙස් දී ඇත.

අදාළ නිලධාරීන් වෙතත්, විශේෂයෙන්ම දිවයිනේ සියලුම විදුහල්පතිවරුන් වෙතත් නිකුත් කර ඇති නිවේදනයක් මගින් අමාත්‍යාංශය අවධාරණය කරන්නේ මේ සම්බන්ධයෙන් මීට පෙර ලබා දී ඇති උපදෙස් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවයි.