
ප්‍රවීණ නීතිඥයෙකු, දේශපාලනඥයෙකු මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ද ප්‍රකට වූ ජනාධිපති නීතිඥ දයා පැල්පොල මහතා 85 හැවිරිදි වියේදී අභාවප්‍රාප්ත වී තිබේ.
පැල්පොල මහතා වසර 15කට අධික කාලයක් එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර, එමෙන්ම ඔහු එහි වැඩබලන මහලේකම්වරයා ලෙසද කටයුතු කරමින් පක්ෂය ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.
යහපාලන සමයේදී ඔහු 2015 සිට 2019 දක්වා ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කරන ලද අතර, එහිදී දෙරට අතර දේශපාලන, ආර්ථික, සංස්කෘතික සහ අධ්‍යාපනික සබඳතා වැඩිදියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළේය.
ශ්‍රීලංකන් ගුවන් සේවය, ජාතික ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කිරීම ඇතුළු රාජ්‍ය අංශයේ ද ප්‍රමුඛ තනතුරු ගණනාවක් ඔහු හොබවා ඇත.
දයා පැල්පොල මහතාගේ දේහය බත්තරමුල්ල, පැලවත්ත, ලියනගේ මාවතේ අංක 78 දරණ නිවසේ තැන්පත් කර තිබේ. අවසන් කටයුතු අද (දෙසැම්බර් 16) පස්වරු 3.00ට පැලවත්ත ලියොන් බැස්ටන් රෝමානු කතෝලික දේවස්ථානයේදී සිදු කිරීමට නියමිත අතර, ඉන් අනතුරුව පස්වරු 4.30ට බොරැල්ල කනත්තේදී මිහිදන් කෙරෙනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval