විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් මධ්‍යයේ පැවති 2025 විශ්ව රූ රැජින තරගාවලියේ කිරුළ දිනා ගැනීමට මෙක්සිකෝවේ ෆාතිමා බොෂ් සමත් වූ අතර, තරගයට පෙර පැවති හමුවකදී තායිලන්ත තරග අධ්‍යක්ෂවරයෙකුගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වීමෙන් අනතුරුව ඇය ප්‍රේක්ෂකයන් අතර මහත් ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටියාය.
මෙක්සිකෝව නියෝජනය කළ ෆාතිමා මින් ඉහත තරගයෙන් ඉවත් වීමට තීරණය කර තිබුණි. ප්‍රවර්ධන කටයුතු සඳහා අදාළ අන්තර්ගතයන් සමාජ මාධ්‍යයේ පළ නොකිරීම හේතුවෙන් නවාත් නමැති සංවිධායකවරයා ඇයට මෝඩියක යැයි පවසා අපහාස කර ඇති අතර, ඊට විරෝධය පළ කළ විට ආරක්ෂක අංශ කැඳවා ඇයව පන්නා දමන බවට තර්ජනය කර ඇත. මෙම සිද්ධියෙන් පසු ඇය තරගයෙන් ඉවත් වූ අතර, ඇයට සහාය පළ කරමින් තවත් තරගකාරියන් පිරිසක් විරෝධය දැක්වූහ. සමාජ මාධ්‍ය ඔස්සේ 'ජස්ටිස් ෆෝ ෆාතිමා' (JusticeForFatima) යනුවෙන් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වීමත් සමඟ අදාළ සංවිධායකවරයා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටියේය.
සමාජ සේවිකාවක සහ ස්වේච්ඡා සේවිකාවක ලෙස කටයුතු කරන 25 හැවිරිදි ෆාතිමා බොෂ් හට පසුගිය වසරේ විශ්ව රූ රැජින වූ ඩෙන්මාර්කයේ වික්ටෝරියා ජෙයාර් තෙල්විග් විසින් කිරුළ පැළඳවූ අතර, තරගයේ අනුශූරතාවය සත්කාරක තායිලන්තයේ ප්‍රවීනාර් සිං දිනාගත්තාය.
වෙනිසියුලාවේ ස්ටෙෆනි අබසාලි, පිලිපීනයේ අහ්තිසා මනාලෝ සහ අයිවරි කෝස්ට්හි ඔලිවියා යේස් යන තරගකාරියන් ද අවසන් පස්දෙනා අතරට එක්වීමට සමත් වූ අතර, මෙවර තරගාවලිය සඳහා විශාල රසික පිරිසක් සිටින තායිලන්තය සත්කාරකත්වය ලබා දුන්නාය.
ශ්‍රී ලංකාව නියෝජනය කළ ලිහාසා වයිට් පළමු 30 අතරට පත්වී නැත.
රටවල් 120ක නියෝජිතයින් සහභාගී වූ මෙම තරගාවලියේදී පලස්තීනය නියෝජනය කරමින් පළමු වරට එක් වූ නදීන් අයුබ් අවසන් 30 දෙනා අතරට තේරී පත් වූ අතර, ඇමරිකානු විකට නළු ස්ටීව් බර්න් විසින් මෙහෙයවන ලද අවසන් මහා තරගයේදී තායි ගායක ජෙෆ් සැටර්ගේ ගායනයෙන් සමාරම්භය සනිටුහන් කෙරුණි.
රාත්‍රී ඇඳුම් වටයෙන් පසුව අවසන් පස්දෙනා තෝරා ගත් අතර, එහිදී විනිසුරුවන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නව විශ්ව රූ රැජින ප්‍රකාශ කළේ තමන්ගේ සැබෑ ස්වභාවය සහ වටිනාකම පිළිබඳව කිසිවෙකුට සැකයක් ඇති කිරීමට ඉඩ නොදිය යුතු බවයි.
කිරුළ පැළඳවීමේ රාත්‍රියට පෙර සති කිහිපය පුරාම තරගාවලිය විවිධ ගැටලුවලට මුහුණ දුනි.
1996 විශ්ව රූ රැජින වූ ඇලිෂියා මැෂාඩෝ විසින් ආසියානුවන් ඉලක්ක කර ගනිමින් සිදු කළ ජාතිවාදී ප්‍රකාශයක් නිසා ද දැඩි විවේචන එල්ල වූ අතර, ඇය තායිලන්ත අධ්‍යක්ෂවරයා විවේචනය කරමින් සිදු කළ අදහස් දැක්වීම බොහෝ දෙනාගේ අප්‍රසාදයට හේතු වුණි.
අවසන් තරගයට දින කිහිපයකට පෙර විනිසුරුවන් දෙදෙනෙකු හදිසියේ ඉල්ලා අස්වීම සහ ඉන් එක් විනිසුරුවරයෙකු වූ ඕමාර් හර්ෆූච් විසින් තරගයේ විනිශ්චය ක්‍රියාවලිය දූෂිත බවටත් රහසිගත කණ්ඩායමක් විසින් අවසන් තරගකාරියන් තෝරාගෙන ඇති බවටත් චෝදනා කිරීම තවත් අර්බුදයක් නිර්මාණය කෙරිණි. අවසන් මොහොතේ වීඩියෝව click here
අවසන් වටයේ 30 දෙනා පහත පරිදිය
| Placement | Contestant |
|---|---|
| Miss Universe 2025 | |
| 1st Runner-Up | |
| 2nd Runner-Up | |
| 3rd Runner-Up | |
| 4th Runner-Up | |
| Top 12 |
🇨🇱
Chile – Inna Moll
🇨🇳
China – Zhao Na
🇨🇺
Cuba – Lina Luaces
🇬🇵
Guadeloupe – Ophély Mézino
🇲🇹
Malta – Julia Cluett
|
| Top 30 |
🇧🇷
Brazil – Gabriela Lacerda
🇨🇷
Costa Rica – Mahyla Roth
🇭🇷
Croatia – Laura Gnjatović
🇩🇴
Dominican Republic – Jennifer Ventura
🇬🇹
Guatemala – Raschel Paz
🇯🇵
Japan – Kaori Hashimoto
🇱🇦
Latina[a] – Yamilex Hernández
🇳🇱
Netherlands – Nathalie Mogbelzada
🇵🇾
Paraguay – Yanina Gómez §
🇷🇼
Rwanda – Solange Keita
🇿🇼
Zimbabwe – Lyshanda Moyas
|

Comments
Post a Comment
Your comment will be visible after approval