update-man-who-shouted-at-traffic-police-in-gampaha-remanded-for-3-days

 පොලිස් නිලධාරීන්ගේ නියෝග නොසලකා හරිමින් මෝටර් රථයක් පැදවූ කාන්තාවක් මිනුවන්ගොඩ, පොල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන ඇත. රථ වාහන වරදක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් විසින් ඇයට නතර කරන ලෙස සංඥා කර ඇති නමුත්, ඇය එම සංඥා නොතකා රථය පදවාගෙන ගොස් තිබේ.



පසුව, පොලිස් රථවාහන නිලධාරීන් කණ්ඩායමක් විසින් මෝටර් රථය පසුපස හඹා ගොස් උඩුගම්පොළ සති පොළ ප්‍රදේශයේදී එය නතර කර ඇත. එම අවස්ථාවේදී අදාළ කාන්තාව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන අයුරින් හැසිරී ඇති අතර, තමන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල කොඩිතුවක්කු ගේ සහෝදරියක බවටද ප්‍රකාශ කර තිබේ. එසේම පොලිස් නිලදාරීන් වෙතින් සිය වාහන බලපත උදුරාගෙන උස් හඩින් බැණවැදී ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර, එහි ඇය කලහකාරී ලෙස හැසිරෙමින් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරන අයුරු දැක්වේ. 


මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන පොලිස් මාධ්‍ය කොට්ඨාසය අවධාරණය කරන්නේ, සැකකාරිය තමන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ සහෝදරියක් යැයි සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය ගම්පහ පොලිස් ස්ථානය වෙත භාර දීමෙන් අනතුරුව ගම්පහ අධිකරණයට ඉදිරිපත් කර ඇත. එහිදී ඇයව ලබන 03 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි. අන්තරාදායක සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම, පොලිස් සංඥා නොසැලකීම, සාපරාධී බලහත්කාරය පෑම සහ අන් අයෙකු ලෙස පෙනී සිටීම යන චෝදනා ඇයට එල්ල වී තිබේ.


කථාබහට ලක්ව පවතින වීඩියෝව මේ සමග පළවේ. Click here




gossiplanka image 1