sinhala-saliya-t-ranawaka-arrested-in-thailand

යූටියුබ් මාධ්‍ය ක්‍රියාකරුවෙක් සහ විදේශ රැකියා ලබාදීමේ ආයතනයක් පවත්වා යන්නෙකු වන සාලිය ටී. රණවක තායිලන්තයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
කැනඩා සිහින පෙන්වා මිනිස්සුන්ගේ සල්ලි  ලබාගෙන වංචාවන් සිදුකර ඇතැයි ඔහුගේ I4 travels ආයතනට එරෙහි චෝදනා පැවති අතර මෙම චෝදනා මත නීතිය හමුවට ගිය අය උසාවි ක්‍රියාමාර්ග ගැනීමෙන් පසු රතු වරෙන්තු නිකුත් කර තිබූ බවද වාර්තා විය.



අත්අඩංගුවට පත්ව ජීප් රථයක යන අතර ඔහු වීඩියෝවක් සජීවීව නිකුත් කර තිබෙන අතර එයින් කියන්නේ ඔහු දේශපාලන හේතු මත අත්අඩංගුවට පත්වූ බවක් පමණි.

'සිංහලේ' නමැති සංවිධානයේ පෙර ක්‍රියාකාරිකයෙකු බවද පැවසෙන සාලිය යූටියුබ් අවකාශයේ ආන්දෝලනාත්මක වීඩියෝ පළකිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුළමින් සිටි අයෙකි.

47 හැවිරිදි සාලිය ටී. රණවක, 2008 වසරේ යුද්ධයේ අවසන් අදියරේදී ලුතිනල්වරයෙකු ලෙස ඔහු යුද බිමට පිවිස වසර 12ක සේවා කාලය නිමා කරන විට ඔහු බුද්ධි අංශයේ කපිතාන්වරයෙකු ලෙස කටයුතු කර තිබුණි.




ඊලාම් යුද්ධයේ බුද්ධි නිලධාරියෙකු ලෙස ලද අත්දැකීම් පාදක කරගනිමින් ඔහු පසුව "සිංහලේ යනු" නමින් ග්‍රන්ථයක් ද එළිදැක්වීය. රාජ්‍ය බුද්ධි අංශයේ සිට ජනාධිපති බුද්ධි සේවයට එක් වූ සාලිය රණවක, සිය දොළොස් වසරක සේවා කාලය තුළ මහජන ආරක්ෂක සහ ආරක්ෂක අමාත්‍යාංශයට අනුයුක්තව සේවය කළේය.

අරාබි වහබ්වාදය ගැන රාජ්‍ය නොවන මට්ටමින් ජනතාව දැනුවත් කරමින් සිටි ඔහු ගෝඨාභය රාජපක්ෂගේ සංකල්පයකට අනුව 2016 ඔහු විසින් සිංහලේ ජාතික සංවිධානය පිහිටුවන ලදී. එම සංවිධානය හරහා වහබ්වාදය පිළිබඳව මහජනයා දැනුවත් කිරීම සිදු කෙරිණි.
 කූරගල, දෙවනගල, මුහුදුමහා විහාරය සහ ශ්‍රී පාදය වැනි ස්ථානවල විරෝධතා වැඩසටහන් අරඹා තිබුනේ ඔහුය.
ක්වාසි උසාවි සහ මද්‍රසා පාසල් පිළිබඳව විරෝධතා දැක්වූ අයෙකි.

වහබ්වාදීන් ගැන සොයන්නට ගොස් මින් ඉහත කටාර් රාජ්‍යයයේදී ඔහු අත්අඩංගුවට පත් වූ නමුත්, රාජපක්ෂ රජයේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීම මත දින 3ක් ඇතුළත නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට ඔහුට හැකි විය.
මේ වනවිට රටින් පිට ජීවත්වන ඔහු ඇමරිකානු පුරවැසියෙකු ලෙස සිටින අතර ඔහු කැනඩාවට රැකියා අවස්ථා ලබාදෙන්නෙකු ලෙස ප්‍රකට වූයේ මෑතකදීය.

තායිලන්තයේදී අත්අඩංගුවට පත්ව ගමන් කරමින් සිටියදී ඔහු ෆේස් බුක් ලයිව් පැමිණ කරන ප්‍රකාශය මෙතැනින් click here




gossiplanka image 1