one-person-dies-after-two-people-approach-to-catch-a-cricket-ball-at-the-same-time-and-collide-with-each-other

ක්‍රිකට් පිටියකදී සිදුවූ අවාසනාවන්ත මරණයක් සම්බන්ධයෙන් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තාවේ.
 මිනුවන්ගොඩ අළුතැපොල ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක ඊයේ (09) පැවති ක්‍රිකට් තරගයක් අතරතුර සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.



මෙම අනතුර සිදුව ඇත්තේ තරගය අතරතුර ඉහළින් පැමිණි පන්දුවක් රැකගැනීමට යාමේදී ක්‍රීඩකයින් දෙදෙනෙකු එකිනෙකාගේ ගැටීමෙනි. දෙන්නාගේ ඔලු එකිනෙක හැපී බරපතල තුවාල සිදුව ඇත.

ගැටීමෙන් බරපතල තුවාල ලැබූ අදාළ ක්‍රීඩකයා වහාම මිනුවන්ගොඩ මූලික රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙමින් සිටියදී මියගොස් ඇත. පන්දුව ගුවනේ එද්දී දෙන්නාගේම අවධානය තිබී ඇත්තේ පන්දුව කෙරෙහි වූ බැවින් අනෙකා ඊට ළං වන බව දැනී නැත.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කටුවැල්ලේගම, පළුගහවෙල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි. ඔලුව හැපුණ අනෙක් ‍පුද්ගලයා රෝහල් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.

මෘත ශරීරය මේ වන විට මිනුවන්ගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




gossiplanka image 1