ත්‍රීකුණාමල වෙරළ තීරයේ බුදු පිළිමයක් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව දේශපාලනික න්‍යාය පත්‍රයකට නිර්මාණය කළ සිදුවීමක් යන විවේචන සමාජ මාධ්‍ය තුළ පළව තිබේ.
මෙම කාරණාව හුදෙක් ජාතිවාදය ඇති කිරීමට හිතාමතා නිර්මාණය කළ සංසිද්ධියක්ය යන්න විවේචනය වන අතර ඊයේ නාමල් රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පළ කර ඇති සටහන අනුව ඒ ගැන සැකයක්ද මතු කර තිබේ. ඔහුගේ සටහනේ දැක්වෙන්නේ, මෙසේය
ත්‍රීකුණාමලයේ ශ්‍රී සම්බෝධි ජයන්ති බෝධිරාජ විහාරයේ ඊයේ දිනයේ ඇතිවූ සිද්ධිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද දින අමරපුර මහ නිකායේ නැගෙනහිර තමණ්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක, වෙල්ගම රජමහා විහාරය, උණු දිය ලිං රජ මහා විහාරය, බොරළුකන්ද රජමහා විහාරය යන විහාර ඝණයේ විහාරාධිපති, මුළු දිවයිනටම සාම විනිසුරු, ශ්‍රී රතනවංශ දහම් පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍ය අම්පිටියේ සීලවංසතිස්ස ස්වාමීන් වහන්සේ, බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයට වැඩම කළහ.
Comments
Post a Comment
Your comment will be visible after approval