if-nugegoda-doesnt-get-20000-i-will-be-speechless-for-a-month-chamara

 පාර්ලිමේන්තුවේ දී ඊයේ (18) නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විපක්ෂය සංවිධානය කරන නුගේගොඩ රැස්වීමට විසි දාහක් නොපැමිණියහොත් තමා පාර්ලිමේන්තුවේ මාසයක් කතා නොකරන බව ප්‍රකාශ කළේය.






මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තුව කටයුතු අමාත්‍යාංශයේ මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදය අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා “දැන් බුදු පිළිම සිද්ධිය විපක්ෂයේ අහිංසක අපේ ඇගේ දාන්න හදනවා. විජේපාල මහත්තයා තමයි 21 වැනිදා රැස්වීමට අපට සහයෝගය දීලා තියෙන්නේ. ඒකට අපට කරන්න දෙයක් නෑ. අපේ රැස්වීමට කාගේවත් සෙනඟ ඕනෑ නෑ. විසි දාහකට වැඩිය සෙනග එදාට එනවා. ගණන් කරලා තියා ගන්න. අපි ගෙනල්ලා පෙන්නනවා. එහෙම නාවොත් මම මාසයක් මේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ නෑ ලියලා තියාගන්න" යැයි ද පැවසීය.