i-did-not-cut-the-sun-ranmal-kodithuwakkuges-sister-gampaha-sathipola-road-noise-video

  පොලීසියෙන් ගැලවීමට ව්‍යාජ ලෙස පොලීසියේ උසස් නිලධාරීන්ගේ නම් කියා පොලීසියට සැර දාන කාන්තාවක් ගැන සමාජ මාධය තුළ වීඩියෝවක් හුවමාරුවේ.


ගම්පහ උඩුගම්පොල සතිපොල ආසන්නයේදී සිදුව ඇතැයි කියන මෙම සිදුවීමේදී අදාළ කාන්තාව වාහනය පදවා යද්දී තනි ඉර කැපුවැයි පොලිසිය ඇල්ලුවත් ඇය එය පිළිගන්නේ නැති අතර ඇය වීඩියෝ සාක්ෂි තියේදැයි පොලිසියෙන් අසමින් මෙන්ම තමාගේ අයියා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු බව පවසමින් පොලිසිය බියගන්වන්නට උත්සාහ කර තිබේ.
මෙම කාන්තාව පොලිසියට කිසිදු ‍ගරු සරුවක් නැතිව කතාකරන අතරම තමන් කිසිදා රථවාහන වැරදි කර නැතැයි පැවසුවත් ඇය සතුව මින් පෙර පොලිසිය වරදක් නිසා නිකුත් කළ තාවකාලික බලපතක්ද තිබෙන අතර එය තිබුනේ ඇගේ වාහන බලපත සමග නිසා පොලිසිය ඒ කෙසේදැයිද ප්‍රශ්න කර තිබුණි.
මෙම ආරවුලට අසල්වාසී පිරිස්ද එක්වන්නේ ඇයගේ උච්ච ස්වරයේ හඩ නිසාය. කථාබහට ලක්ව පවතින වීඩියෝව මේ සමග පළවේ. Click here




gossiplanka image 1