hotel-de-plaza-employees-came-to-pick-up-chairs-and-beat-up-the-cheesesteak-after-being-scolded-for-being-late

 චීස් කොත්තු සඳහා ප්‍රසිද්ධ බව කියන කොල්ලුපිටියේ හොටෙල් ඩි ප්ලාසා ආපනශාලාව ඉදිරිපිට දෙපාර්ශ්වයක් අතර ඇති වූ ගැටුමක් පිලිබඳ වාර්තාවන අතර ආපනශාලාවට ආහාර ලබාගැනීමට පැමිණි පිරිසක් සහ එහි සේවකයින් අතර මෙම ගැටුම හටගෙන තිබේ.


එක් පුද්ගලයෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය තහවුරු කරන ලදි.
සිදුවීම වාර්තාව ඇත්තේ 22 පෙරේදායි.
 ආපනශාලාවට ආහාර ලබාගැනීමට පැමිණි පිරිස ආහාර ලබාදීමට ප්‍රමාදවීම සම්බන්ධයෙන් සේවකයින් සමග බහින්බස්වීමක් මුලදී ඇතිවූ බවත් පසුව සේවකයින් කිසිදු වෘත්තීය මට්ටමක් ප්‍රදර්ශනය නොකර ආපන ශාලාවේ පුටුද , පොලුද ඔසවාගෙන රණ්ඩුවට පැමිණ ඇතැයි වාර්තාවේ.



සිද්ධිය පිළිබඳව කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ද ලැබී ඇති අතර, එම පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍යයයේ සංසරණය වන වීඩියෝව මේ සමග පළවේ බලන්න මෙතැනින් click here

gossiplanka image 2