ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයක් වන 'Grand Monarch Imperial' හෝටලයේ හදිසි ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්න හටගෙන ඇත්තේ හෝටලය තුළ උත්සවයක් පැවැත්වෙමින් තිබියදී බව වාර්තා වේ.
එම අවස්ථාවේ උත්සව ශාලාවේ තිබූ තිරය අසලින් එකවරම ගින්නක් සහ දුමාරයක් නිකුත් වනු දක්නට ලැබුණු බව සිද්ධිය ඇසින් දුටුවෙකු ප්‍රකාශ කර ඇත. ඒ සමඟම ඇතිවූ කලබලකාරී තත්ත්වය හමුවේ උත්සවයට පැමිණ සිටි පිරිස වහාම එම ස්ථානයෙන් ඉවතට පැමිණ තිබේ.
ගින්න පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමඟ එය මැඩපැවැත්වීම සඳහා කඩිනමින් ගිනි නිවීමේ රථ දෙකක් එම ස්ථානයට යෙදවීමට අදාළ අංශ පියවර ගෙන ඇත.