2025 වසරේ පැවති 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2026 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමට අදාළ පාසල් කඩඉම් ලකුණු මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. 
ඒ අනුව, ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ට සහ ඔවුන්ගේ දෙමව්පියන්ට අදාළ පාසල්වල කඩඉම් ලකුණු පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසීමේ හැකියාව පවතින බව අමාත්‍යාංශය නිවේදනය කරයි. තවද, තම දරුවාට 6 ශ්‍රේණිය සඳහා ඇතුළත් වීමට ලැබී ඇති පාසල පිළිබඳ තොරතුරු ද එම වෙබ් අඩවියට පිවිසීමෙන් පරීක්ෂා කරගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා ප්‍රමුඛතම ජාතික පාසල් කිහිපයක නිකුත් කර ඇති නවතම කඩඉම් ලකුණු මෙතැනින් දැක්වේ click here