දරුවන් සිව් දෙනකුගෙන් යුත් පවුලේ තුන්වැනි දරුවා වන මොහු, සිය වැඩිමහල් සොහොයුරිය සහ අනෙකුත් සහෝදරයන් සමඟ නිවස ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
දරුවා එකවරම අතුරු මාර්ගය දෙසට දිව යාමේදී මිල්ටන් පෙරේරා මාවත දෙස සිට කලෙයිමගල් වීදිය ඔස්සේ ධාවනය වූ වෑන් රථයේ ගැටී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී දරුවාගේ සිරුරේ බාහිරින් දක්නට ලැබී ඇත්තේ සීරීම් තුවාල පමණක් වුවද, දරුවා ලේ වමනය කිරීම හේතුවෙන් වහා ක්‍රියාත්මක වූ වෑන් රථ රියදුරා විසින්ම දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත රැගෙන ගොස් ඇත. රෝහලේ වාට්ටු අංක 20 විශේෂ ප්‍රතිකාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 23 වැනිදා තලගලගේ නිවෙන් මින්නාස් නමැති මෙම දරුවා මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථය පැදවූ කොළඹ 15, මට්ටක්කුලිය කදිරාණ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සම්බන්ධයෙන් සිදුකළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සහ පොලිස් විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු මත්පැන් හෝ මත්ද්‍රව්‍ය කිසිවක් භාවිතා කර නොතිබූ බවයි. මාලිගාවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.බී.එස්. කල්‍යාණතුංග මහතාගේ උපදෙස් පරිදි රථ වාහන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක මංජු ප්‍රසන්න සහ පොලිස් කොස්තාපල් (100009) අවිශ්ක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval