faisal-of-the-compass-said-he-would-kill-me-archuna-complains

 ජාතික ජන බලවේගය නියෝජනය කරන පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තු ආපනශාලාව තුළදී තමාට මරණ තර්ජන එල්ල කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.



අදාළ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා චෝදනා කළේ, ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් ෆයිසාල් මහතා විසින් මෙම තර්ජනය සිදු කළ බවය.


අද දිනයේදී පුත්තලම දිස්ත්‍රික්කයේ පවතින ගැටලුවක් පාදක කර ගනිමින් තමා විසින් සභාවේදී මතු කරන ලද ප්‍රශ්නයක් හේතුවෙන් උරණ වූ ෆයිසාල් මන්ත්‍රීවරයා මෙලෙස තර්ජනය කළ බව අර්ච්චුනා මහතා සඳහන් කළේය.

මෙම සිදුවීම වූ ස්ථානයේ ආවේක්ෂණ කැමරා (CCTV) පද්ධති ක්‍රියාත්මකව පැවති බව පෙන්වා දුන් රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා, එම දර්ශන උපයෝගී කර ගනිමින් සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් ද කළේය.