gossiplanka image 2

 උසස් පෙළ විභාගය ආරම්භවූ අද දිනයේ අවාසනාවන්ත පුවතක් දඹුල්ලෙන් වාර්තා විය.
අද දිනයේ ආරම්භ වූ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සූදානමින් සිටි දඹුල්ල, ඉහළ ඇරෑවුල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි පාසල් සිසුවියක් සිය නිදි යහන මතදීම අභිරහස් ලෙස මියගොස් තිබේ.

දඹුල්ල ජාතික පාසලේ ඉගෙනුම ලැබූ තරුෂි චමෝදි නැමැති මෙම සිසුවිය මෙවර විභාගයට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි බව දඹුල්ල පොලීසිය සඳහන් කරයි.

ඇය ඊයේ (09) රාත්‍රියේ සිය කාමරය තුළ අධ්‍යාපන කටයුතුවල නිරතව, පසුදින විභාගය සඳහා අවශ්‍ය දෑ ද සූදානම් කර නින්දට ගොස් ඇත.


කෙසේ වෙතත්, අද උදෑසන ඇය අවදි නොවීම හේතුවෙන් සොයා බැලූ දෙමව්පියන් දියණිය සිහිසුන්ව සිටිනු දැක වහාම දඹුල්ල මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
සිසුවිය 9 දින රාත්‍රි යේ සිය කාමරය තුල සිය අධ්‍යාපන කටයුතු වල නිරතවි සිටීය බවද උදේ 6 ට පමණ
 දියනිය උසස් පෙළ විභාගයට පෙනිසිටිමට යාමට සුදානම් නොවි කාමරය තුල නිදාගෙන සිටි නිසා දෙමව්පියන් සොයා බලද්දී ඇය සිහිසුන්ව නිදා සිටි නිසා වහාම 1990 ගිලං රථයෙන් දඔුල්ල රෝහලට ගෙන ගොස් තිබුණි.
රොගාතුරවි ඇතැයි සිතා රෝහලට ගෙන ආ සිසුවිය වෛද්‍යවරුන් පරික්ෂා කර පවසා ඇත්තේ ඇය රෝහලට ගෙන ඒමට පෙර මියගොස් ඇති බවය.

 සිසුවියගේ මෙම හදිසි මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
සිද්ධිය වාර්තා වීමත් සමඟ දඹුල්ල ‍පොලීසියේ නිලධාරීන් පිරිසක් අදාළ සිසුවියගේ නිවසට ගොස් පරීක්ෂා කර බලා ඇති අතර එහිදී සැක කටයුතු කිසිවක් හමු නොවූ බව පොලීසිය පැවසීය.
ඇයට අධික තෙහෙට්ටුව නිසා කිසියම් ශරීර අභ්‍යන්තර ගැටලුවක් මතුවූයේද යන්න ගැන පශ්චාත් මරණ පරීක්ෂණයේදී සොයා බලනු ඇතැයි පොලිසිය පවසයි.




gossiplanka image 1