අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රය ආසන්නයේදී වර්ෂවිතාන මිරන්ත නැමති ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ආරක්ෂිත කැමරා දර්ශන (CCTV) මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
එම දර්ශනවලට අනුව, පළමුව රතු පැහැති මෝටර් රථයක් පැමිණ අදාළ ව්‍යාපාරිකයා ගමන් ගත් යතුරුපැදියේ ගැටී එය පෙරළා දමනු ලබයි. ඉන් අනතුරුව, ව්‍යාපාරිකයා පසුපස පන්නා යන තුවක්කුකරුවෙකු විසින් ඔහුට වෙඩි තබන අයුරු එහි පැහැදිලිව සටහන්ව ඇත.
වෙඩි තැබීමෙන් පසුව සැකකරුවන් නැවතත් එම මෝටර් රථයට නැගී එම ස්ථානයෙන් පළා යන ආකාරයද දර්ශනවල දැක්වේ.
ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ව්‍යාපාරිකයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය. මෙම මෝටර් රථයද අතහැර දමාගොස් තිබියදී පොලිසියට පසුව හමු විය.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පෝරඹ පාළුවත්ත පාර ප්‍රදේශයේ පදිංචිව සිටි වර්ෂවිතාන මිරන්ත නැමති 51 හැවිරිදි දෙදරු පියෙකි. ඔහු බහුදින යාත්‍රා හිමිකරුවෙකු වන අතර, විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'කරන්දෙණියේ සුද්දා' නැමැත්තාගේ වැඩිමහල් සහෝදරියගේ සැමියා බවත් ඝාතන පලියක් ගැනීමේ අදහසින් එකට එක කිරීමක් ලෙස මරා දමන ලදැයි මේ වනවිට හෙළි වෙමින් පවතී.
ඝාතනය සිදුකරන ආකාරය සීසීටීවී දර්ශනවල සටහන්ව තිබූ අයුරු මෙතැනින් click here
