bus-fare-payment-by-card-begins-in-makumbura

 බස් මගීන්ට මුදල් භාවිතයෙන් තොරව තම බැංකු කාඩ්පත් මගින් ගමන් ගාස්තු ගෙවීමේ පහසුකම හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය ඊයේ (24) දින නිල වශයෙන් ආරම්භ කෙරිණි. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී මෙම වැඩසටහන දියත් කළ අතර,

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශකත්වය ඇතිව ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සේවය තුළ විනිවිදභාවය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම මෙහි මූලික අරමුණ වී තිබේ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ මෙම නව ක්‍රමවේදය භාවිත කිරීමේදී මගීන්ගෙන් කිසිදු අමතර මුදලක් අය නොකරන බවයි. ගෙවීම් කිරීමේදී අදාළ වන බැංකු ගාස්තුව බස් රථ හිමියන් විසින් දරනු ලබන බැවින් මගියාට නියමිත බස් ගාස්තුව පමණක් ගෙවීමට අවස්ථාව හිමි වේ. එසේම මෙමගින් ඉතිරි මුදල් ලබා ගැනීමේදී ඇතිවන ගැටලු මඟහරවා ගනිමින් නිශ්චිත ගාස්තුව පමණක් ගෙවීමට මගීන්ට පහසුව සැලසෙන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

නව ඩිජිටල් ක්‍රමවේදය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේදී පැන නැගිය හැකි තත්ත්වයන් පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ ඉතා සමීපව නිරීක්ෂණය කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.




gossiplanka image 2
gossiplanka image 3



gossiplanka image 4
gossiplanka image 5