පවතින අධික වැසි හේතුවෙන්, උසස් පෙළ විභාගය අද හෙට මෙන්ම අනිද්දා (29) දිනද නොපැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙයි.
අද (27) හෙට (28) සහ අනිද්දා (29) දින වල පැවැත්වීමට නියමිතව තිබූ
- ගෘහ ආර්ථික විද්‍යාව 2
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 1 හා 2
- ගිණුම් කරණය 2
- අරාබි 2
- චීන 2
- ශ්‍රී ලංකා ඉතිහාසය 1
- මැලේ 2
- හින්දි 1
- කොරියන් 1
යන විභාග සඳහා විකල්ප දින ලබාදීමට නියමිතය. දෙසැම්බර් 1 දින විභාගය පවත්වන්නට දැනට සූදානම් වන නමුත් එය කල් යන්නේ නම් පෙර දැනුම් දීමක් සිදුකරනු ඇත.
දැනට 27-28-29 දින වෙනුවට දෙසැම්බර් 7-8-9 ඉහත විභාග සඳහා යෝජනා කර ඇති අතර ස්ථිර කර ඉදිරියේ දැනුම් දෙනු ඇත.
මේ අතර දිවයිනෙහි පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද (27) සහ හෙට (28) දෙදින සියලූම මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව දැනුම් දී තිබේ.