2025 ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවැනි තරගය ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග අද (04) පැවැත්වීමට නියමිතව තිබේ. තරගාවලියේ පස්වැනි තරගය ලෙස පැවැත්වෙන මෙම හමුව, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පස්වරු 3.00ට ආරම්භ වනු ඇත.
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙවර ලෝක කුසලාන තරග වාරයේදී සිය මව්බිමේදී මුහුණ දෙන පළමු තරගය මෙය වීම විශේෂත්වයකි. තරගාවලියේ සිය පළමු තරගයේදී ඉන්දීය කණ්ඩායම හමුවේ ලකුණු 59ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය තීරණාත්මක වී තිබේ.
කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් නවසීලන්තය සමග පැවති ඔවුන්ගේ පළමු තරගය ලකුණු 89කින් ජය ගනිමින් තරගාවලියට ප්‍රබල ආරම්භයක් ලබාගෙන ඇත.
මේ දක්වා දෙරට අතර පවත්වා ඇති එක්දින ජාත්‍යන්තර තරග 11ම ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත්ව තිබීම ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් වනු නොඅනුමානය. එක්දින ලෝක කුසලානය සත් වතාවක් දිනා ඇති ඕස්ට්‍රේලියාව, අවසන් වරට පැවති ලෝක ශූරතාව ද ජයගත් වත්මන් ලෝක ශූරියන් වීමද කැපී පෙනේ.
මෙම තරගයට සහභාගී වීම සඳහා ඇලිසා හීලිගේ නායකත්වයෙන් යුතු ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද පස්වරුවේ සිය අවසන් පුහුණු සැසියට එක්වෙමින් තරගය සඳහා සූදානම් වූහ. මෙරටදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ සියලු තරග කිසිදු ගාස්තුවකින් තොරව නැරඹීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන්ට හිමිකර දී තිබේ.
ඉදිරි තරග පහත පරිදිය
Oct 04, Sat
Sri Lanka Women vs Australia Women, 5th Match
R.Premadasa Stadium, Colombo
Match starts at Oct 04,
3:00 PM
Oct 11, Sat
England Women vs Sri Lanka Women, 12th Match
R.Premadasa Stadium, Colombo
Match starts at Oct 11,
3:00 PM
Oct 14, Tue
Sri Lanka Women vs New Zealand Women, 15th Match
R.Premadasa Stadium, Colombo
Match starts at Oct 14,
3:00 PM
Oct 17, Fri
Sri Lanka Women vs South Africa Women, 18th Match
R.Premadasa Stadium, Colombo
Match starts at Oct 17,
3:00 PM
Oct 20, Mon
Sri Lanka Women vs Bangladesh Women, 21st Match
Dr DY Patil Sports Academy, Navi Mumbai
Match starts at Oct 20,
3:00 PM
Oct 24, Fri
Sri Lanka Women vs Pakistan Women, 25th Match
R.Premadasa Stadium, Colombo
Match starts at Oct 24,
3:00 PM
Comments
Post a Comment
Your comment will be visible after approval