the-obamas-celebrate-their-33rd-wedding-anniversary

තම 33 වැනි විවාහ සංවත්සරය සමරමින් හිටපු ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සහ ඔහුගේ බිරිඳ මිෂෙල් ඔබාමා සමාජ මාධ්‍ය ඔස්සේ එකිනෙකාට ආදරණීය උපහාර පල කර තිබේ. පසුගිය සිකුරාදා (3) දිනට යෙදී තිබූ මෙම විශේෂ දිනය වෙනුවෙන් ඔවුන් දෙපළ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම් ඔස්සේ එකම ඡායාරූපයක් බෙදාහදා ගනිමින් සටහන් තබා තිබීම විශේෂත්වයකි.



වසර 33කට පෙර විවාහ වූ දිනටත් වඩා අද තමන් ඔහුට ආදරය කරන බව 61 හැවිරිදි හිටපු ජනාධිපති ආර්යාව වන මිෂෙල් ඔබාමා සිය සටහනෙහි සඳහන් කර තිබිණි. "අපි ගතවූ වසර 33ක කාලය තුළ බොහෝ දුරක් පැමිණ තිබෙනවා. ඒ වගේම ඔබ සමග ජීවිතය ගෙවීමට ලැබීම මා ලද භාග්‍යයක්" යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.



64 හැවිරිදි හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ද සිය බිරිඳට සුබපැතුම් එක්කරමින් පවසා තිබුණේ, "මා මෙතෙක් ගත් හොඳම තීරණය වූයේ ඔබව විවාහ කර ගැනීමයි" යනුවෙනි. ඇයගේ ශක්තිය, කරුණාව සහ අධිෂ්ඨානය තමන් වසර 33ක් පුරා අගය කළ බවත්, ඒ සියල්ල මැනවින් සිදුකරන අතරතුර ඇයගේ පෙනුමද විශිෂ්ට බවත් ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් සටහනෙහි දක්වා තිබිණි.

මෙම යුවළගේ ප්‍රේම සම්බන්ධය ආරම්භ වන්නේ නීති ආයතනයක සේවය කරන සමයේදී බැරැක්ගේ උපදේශකවරිය ලෙස මිෂෙල් පත්කිරීමත් සමගය. නවකයෙකු වූ බැරැක් තරමක් අමුතු සහ උගතෙකු විය හැකි බවට තමන් මුලදී උපකල්පනය කළද, ඔහුව පෞද්ගලිකව හමුවීමට පෙර දුරකථනයෙන් කතා කළ පළමු අවස්ථාවේදීම තමන්ට විශේෂ හැඟීමක් ඇතිවූ බව මිෂෙල් ඔබාමා මීට පෙර සිය පොඩ්කාස්ට් වැඩසටහනකදී හෙළිදරව් කළාය.

ඔහුගේ උපදේශකවරිය වීම නිසා සම්බන්ධයක් ඇතිකර ගැනීම නුසුදුසු යැයි සිතා ඇය මුලදී මඳක් පසුබට වුවද, පසුව ඔවුන් දෙදෙනාගේ සිතවත්කම වර්ධනය වී තිබේ. 1992 වසරේදී විවාහ දිවියට ඇතුළත් වූ ඔවුන් දෙපළට මේ වනවිට වයස අවුරුදු 27ක් වන මාලියා සහ වයස අවුරුදු 24ක් වන සාෂා නමින් දියණියන් දෙදෙනෙකු සිටී.

මෑතකදී බැරැක් ඔබාමා දේශපාලනික උත්සව කිහිපයකටම තනිව සහභාගී වීමත් සමග ඔවුන් දෙදෙනා දික්කසාද වීමට සූදානම් වන බවට කටකතා පැතිර ගියේය. කෙසේ වෙතත්, එම කටකතාවලට ප්‍රතිචාර දක්වමින් මිෂෙල් ඔබාමා පවසා තිබුණේ තමන් තමා වෙනුවෙන් තීරණයක් ගත් බව මිනිසුන්ට සිතාගැනීමටවත් නොහැකි වූ බවත්, ඒ නිසා ඔවුන් තමා සහ සැමියා දික්කසාද වන බවට උපකල්පනය කළ බවත්ය.

gossiplanka image 2


gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5


gossiplanka image 6
gossiplanka image 7