පානදුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් දෙදෙනෙකු දින දෙක තුළ මියගොස් ඇති අතර, ආහාර විෂවීමක් හේතුවෙන් තවත් සේවිකාවන් පස් දෙනෙකු පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ. රෝහල්ගත කළ සේවිකාවන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
උණ, පපුවේ වේදනාව සහ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ හේතුවෙන් මෙම සේවිකාවන් රෝහල්ගත කර ඇති අතර, අනෙක් දෙදෙනා කාන්තා වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටිති. මියගිය සහ රෝගාතුර වූ සියලු දෙනාම එකම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන බවට තොරතුරු වාර්තා වී ඇත.
මීට දින දෙකකට පෙර මියගිය සේවිකාවන්ගෙන් එක් අයෙකු, පානදුර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ. අනෙක් සේවිකාව නේවාසික ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් නැවත රෝගාතුර වීමෙන් රෝහල් ගත කිරීමේදී මියගොස් ඇති බවද රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval