මෙම වසරේ ගතවූ මාස නවයක කාලය තුළ, මානසික සෞඛ්‍යමය ගැටලු සඳහා සහාය පතා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත දුරකථන ඇමතුම් 16,298ක් ලැබී ඇති බව එම ආයතනය පවසයි. ගෘහස්ථ හිංසනය, සයිබර් අපරාධ, ලිංගික හිරිහැර, මත්ද්‍රව්‍ය භාවිතය සහ අධ්‍යාපනික ගැටලු වැනි පුළුල් පරාසයක විහිදුණු කරුණු සම්බන්ධයෙන් මෙම ඇමතුම් ලැබී තිබීම විශේෂත්වයකි.
මෙම වසරේ වැඩිම ඇමතුම් සංඛ්‍යාවක්, එනම් ඇමතුම් 2,569ක්, අගෝස්තු මාසයේදී වාර්තා වී ඇත.
මෙලෙස සහාය පතන පුද්ගලයන්ගෙන් බහුතරය වයස අවුරුදු 20 ඉක්මවූවන් බවද දත්ත මගින් අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත්, වයස අවුරුදු 20ට අඩු තරුණ ප්‍රජාව සිය ගැටලු සාකච්ඡා කිරීම සඳහා වට්ස්ඇප් වැනි නූතන සන්නිවේදන ක්‍රම භාවිත කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව විද්‍යායතනය පෙන්වා දෙයි. ඔවුන් සඳහාම වෙන්වූ 0755551926 දුරකථන අංකය ඔස්සේ මෙම සේවාව සැපයේ.
ඕනෑම ආකාරයක මානසික පීඩනයකින් පෙළෙන පුද්ගලයෙකුට ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ 1926 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමට හෝ එම අංකයට කෙටි පණිවුඩයක් යොමු කිරීමට අවස්ථාව සලසා ඇත. විශේෂයෙන්ම අන්තර්ජාලය ආශ්‍රිතව පැනනගින ගැටලු සඳහා hithawathiya.com ආයතනය සමග එක්ව විසඳුම් ලබා දීමටද ආයතනය කටයුතු කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval