ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම සම්මානනීය චිත්‍රපට හා ටෙලිනාට්‍ය කලා අධ්‍යක්ෂවරයෙකු වන රංජිත් ද සිල්වා මහතා අතුරුදන්ව ඇති බවට ඔහුගේ ඥාතීහු පවසති. පසුගිය 19 වන දින සවස 6.00 ට පමණ ඒ මහතා නිවසින් පිටව ගොස් ඇති අතර, මේ වන තෙක් ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත. මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් ඒ මහතාගේ ඥාති පුත්‍රයෙකු වන ලහිරු විජේරත්න මහතා විසින් පෑලියගොඩ මූලස්ථාන පොලිසිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.
අතුරුදන් වන විට 75 වන වියෙහි පසුවූ රංජිත් ද සිල්වා මහතා ඩිමෙන්ෂියා හෙවත් අමතක වීමේ රෝගී තත්ත්වයකින් පෙළෙමින් සිටි බව ඥාතීන් සඳහන් කරයි. ඔහු නිවසින් පිටත්ව යන අවස්ථාවේදී සුදු පැහැති ටීෂර්ටයකින් සහ නිල් පැහැති ඩෙනිම් කලිසමකින් සැරසී සිට ඇත. අවසන් වරට ඒ මහතාව කැලණිය ටයර් හන්දිය ප්‍රදේශයේදී කිහිප දෙනෙකු විසින් දැක ඇති බවට තොරතුරු ලැබී තිබේ. නිවසින් යන විට ඒ මහතා සිය මුදල් පසුම්බිය හෝ ජංගම දුරකථනය රැගෙන ගොස් නොමැති බවද වාර්තා වේ.
එක් දරු පියෙකු වන රංජිත් ද සිල්වා මහතා "ඉසුරු භවන", "පිටගම්කාරයෝ" සහ "දැවැන්තයා" වැනි ටෙලි නාට්‍ය මෙන්ම "නෙයිනගෙ සූදුව" සහ "සාජන්ට් නල්ලතම්බි" ඇතුළු වේදිකා නාට්‍ය රැසකට සිය රංගන දායකත්වය ලබා දී ඇත. ඊයේ (20) සවස් වන තෙක්ම ඒ මහතා පිළිබඳ කිසිදු ආරංචියක් ලැබී නොතිබූ අතර, ඔහු පිළිබඳ යම් තොරතුරක් දන්නා අයෙකු වෙතොත් 071-6543296 හෝ 076-7396901 යන දුරකථන අංකවලට හෝ ළඟම ඇති පොලිස් ස්ථානයට දන්වන මෙන් ඥාතීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Comments
Post a Comment
Your comment will be visible after approval