රුපියල් මිලියන 150 ක් වටිනා ඉඩමක් ව්‍යාජ ලේඛන සකස් කිරීම මගින් වංචනික ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 03 මගින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම සිදුවීමට අදාළව, වෙනත් අයෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ඔප්පුව සඳහා අත්සන් තැබූ සැකකාර කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත. විමර්ශන ආරම්භ වීමත් සමග අදාළ සැකකාරිය පොලිසිය මගහරිමින් සැඟව සිටින අතර, ඇය පදිංචිව සිටින ස්ථානයක් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.
මීට පෙර 2024.09.18 වන දින ද මෙම සැකකාරිය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබූ පසුබිමක, ඇය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය නැවත වතාවක් මහජන සහය අපේක්ෂා කරයි. ඒ අනුව, සැකකාරියගේ ඡායාරූපයක් මාධ්‍ය වෙත යොමු කිරීමටද පියවර ගෙන ඇත.
එබැවින්, ඡායාරූපයේ සිටින මෙම සැකකාර කාන්තාව සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන 03 අංශයේ 011-2434504 දරන දුරකථන අංකයට හෝ 011-2422176 දරන මෙහෙයුම් මැදිරියේ දුරකථන අංකයට දැනුම් දෙන මෙන් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Comments
Post a Comment
Your comment will be visible after approval