තංගල්ල කාල්ටන් නිවසේ වාසය කරන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බැහැදැකීම වෙනුවෙන් මාධ්‍ය කිහිපයක් අරඹා ඇති ප්‍රචාරණ ව්‍යාපාරයේ කොටසක් ලෙස අද (21)ත් කණ්ඩායම් ඔහු හමුවීමට පැමිණ තිබේ.
මහින්ද රාජපක්ෂ සමයේ විවිධ වාසිදායී අවස්ථා නිර්මාණය කරගත් නිදහස් කලා සංධානය නමැති කලාකරුවන්ගේ සංගමයේ සාමාජිකයින් කොටසක් මෙහි අද පැමිණි අතර එහි මූලිකත්වය ගත්තේ අයිටීඑන් හිටපු සභාපති හා ටෙලි නිර්මාණවේදී සුදත් රෝහණ සහ නැසීගිය රංගන ශිල්පී ජැක්සන් ඇන්තනිගේ බිරිය කුමාරිය.
මෙහිදී සුදත් රෝහණ මහතා මෙසේ කීය.
"අපි ආවේ කෘතවේදීත්වය දක්වන්න දැන් අපි දන්නවා අපේ සංස්කෘතියේ සම්ප්‍රදායේ තියෙන ප්‍රධානම කාරණාවක් තමා කෘතවේදීත්වය සැලකීම.
එහෙම නැත්නම් සංස්කෘතියේ මුදුන් මල්කඩ, මුරගල තමයි කෘතවේදීත්වය එහෙම නැත්නම් පිදී යුත්තන් පිදීම.
අද මේ කලාකරුවෝ කියපු දෙනා මේ හදිස්සියේ මේ ගිය දවසේ කතා කරලා අද දිනය ආව නැත්නම් මම හිතනවා අපිට මේ බස් එකකින් දෙකකින් නෙමෙයි විශාල ප්‍රමාණයක් එන්න වෙනවා.
නමුත් ඒ නිසා හදිස්සියේ ගියේ කතා කරලා මේ හදිස්සියේ රැස් වෙලා ඉතාම ඉක්මනින් මේ ගරු ජනාධිපතිතුමා බැහැ දකින්න බලන්න අපි ආවා.
ඉතින් මොකද ඇත්තටම අපි හිතනවා මේක දේශපාලන කාරණාවකට වැඩිය පොඩි මනුෂ්‍යත්වය පිළිබඳ තියෙන කාරණාවක්.
මට මතක් වෙනවා මා වැනි බිළිඳාව වරවර ළඟට කැන්ඳා දුක සැප ගුමන්දා අසරණ නිරිදෝ වෙනකොයින්දා මේ කවිය ලියන්නේ තොටගොමි ශ්‍රී රාහුල හාමුදුරුවෝ, හයවෙනි පරාක්‍රම භහ රජ්ජුරුවෝ වෙනුවෙන් එතුමාට කෘතවේදීත්වය සලකන්න.
මම හිතනවා ඒ රාහුල හාමුදුරුවෝ ඒ ලියපු කාව්‍යය අදට අපි ආදේශ කළා.
මම හිතනවා අපේ පරම්පරාවේ එහෙම නැත්නම් අපේ යුගයේ ඒක ආදේශ කරන්න පුළුවන් ඉන්න එකම නායකයා තමයි ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා.
මම හිතනවා එතුමා තරම් සංවේදී ජන නායකයෙක් අපි දැකලා නැහැ.
රට එක්සත් කරපු රටේ සියලුම සම්පත් සංවර්ධනය කරපු, මනුෂ්‍යත්වය පැත්තෙන් අද අපි එකට මේ මොහොතකට ඇවිල්ලා අපිට ඉන්න පුළුවන් තත්ත්වයක් හදලා දුන්නා.
ඒ වගේම විදේශ අධිරාජ්‍ය බලවේගයන් වලට නැමෙන්නේ නැතුව හොඳ කෙලින් තියාගෙන හිටපු ජන නායකයෙක් විදිහට.
ඉතින් ඒකයි මම කිව්වේ මා වැනි බිළිඳා වරවල් ළඟට ගෙනා දුක සැප කුමක්ද අසරණ නිදෝ වෙන කොයින්ද?
එහෙම අසරණ නිදේ රජෙක් අපිට ඉන්නවද?
අපිට පහළ වෙයිද?
ඉතින් අන්න ඒ නිසා තමයි අද අපි අපි හිතනවා කලාකරුවෝ විදිහට අපේ ඒක යුතුකමක් විතරක් නෙමෙයි මේ වගකීමකුත් වෙනවා."
මේ අවස්ථාවට එක්වූ නැසීගිය ජැක්සන් ඇන්තනි මහතාගේ බිරිය මෙසේ අදහස් දැක්වූවාය.
"අද මේ ගමන මම ආවේ ඉතාම සතුටෙන් සහ මම පුන පුනා බලාගෙන හිටියා කවද්ද මේ ගමනේ එන්නේ කියලා.
ඉතින් ඇත්තටම එතුමා කරපු කී දේ අ කරලා කී දේට කරුණු ගුණ සලකන්න තමයි අද මම මෙතෙන්ට ආවේ.
ඉතාම සතුටුයි.
ඇත්තටම එතුමා දැක්කහම අපේ හිතේ තිබුණු හුඟාක් ගින්දර නිවිලා ගියා වගේ සැනසීමක් ඇති වුණා.
හරියට බුදුන් දැක්කා වගේ.
ඒ සම්ප්‍රදායේ මුල් තියෙන්නේ එතන අපේ ජාතියේ මුල් තියෙන්නේ එතන රටේ මුල් තියෙන්නේ එතන.
අද විශාල වශයෙන්ම පහර ගහන්නෙත් මේ සංස්කෘතියටයි.ඒක නැති කළොත් තමයි අපිට යට කරන්න පුළුවන් වෙන්නේ.
නමුත් ඒක නැති කරන්න දෙන්නෙත් නැහැ.
දෙන්න හම්බවෙන්නේත් නැහැ.
මහින්ද රාජපක්ෂ ගැන අපේ සංස්කෘතියේ මුදුන් මුලත් ජාතියේ වීරයෙක්.
මගේ දේශපාලන ලෝකයේ වීරවරයෙක් සහ වීරවරයෙක් ඉන්නේ එක්කෙනෙක් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය.
අනිත් එක්කෙනා මහින්ද රාජපක්ෂ මැතිතුමා.
මේ දෙන්නට සම කරන්න දෙන්නෙක් ආයේ පහළ වෙන්නෙත් නැහැ.
අපිට ලැබෙන්නෙත් නැහැ.
අපේ ජීවිත වල වාසනාව උදා වුණා ඒ කාලේ ජීවත් වෙන්න.
මහින්ද මහත්තයාට මම සුභ ප්‍රාර්ථනා කරනවා.
චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා.
අපි සියලු දෙනා වෙනුවෙන් එතුමාට ජය වේවායි කියලත් මම ප්‍රාර්ථනා කරනවා."
Comments
Post a Comment
Your comment will be visible after approval