homeowner-dies-in-wattala-birthday-boarding-house-dispute-with-14-youths-after-lights-were-cut

 වත්තල, දිඕවිට, මාරගහවත්ත ප්‍රදේශයේ නිවසක උඩුමහලේ පැවති උපන්දින සාදයක් අතරතුර විදුලිය විසන්ධි කිරීමක් මුල් කරගෙන ඇතිවූ ආරවුලකින් පසු එම නිවසේ හිමිකාරිය අභිරහස් ලෙස මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දාහතර දෙනෙකු වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පෙරේදා (6) රාත්‍රියේ සිදුවූ මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මල්කාන්ති නැමැති දෙදරු මවකි.



මියගිය කාන්තාව ඇයගේ දියණියන් දෙදෙනා සහ තවත් පුද්ගලයෙකු සමග නිවසේ පහත මාලයේ පදිංචිව සිට ඇති අතර,

උඩුමහල කුලී පදනම මත තරුණයින් පිරිසකට ලබා දී තිබී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දාහතර දෙනා මඩොල්සිම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් උස්වැටකෙයියාව ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන බවට තොරතුරු වාර්තා වේ.

සිද්ධිය වූ දින රාත්‍රියේ උඩුමහලේ නවාතැන් ගෙන සිටි එක් තරුණයෙකුගේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබියදී, පහත මාලයේ සිටි නිවෙස් හිමිකාරිය ඇතුළු පිරිස විසින් උඩුමහලේ විදුලි සැපයුම නතර කර ඇති බව කියැවේ. විදුලිය විසන්ධි වීමත් සමග උඩුමහලේ සිටි තරුණයින් දාහතර දෙනාම පහත මාලයට පැමිණ ඒ පිළිබඳව විමසීමත් සමග දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

මෙම ආරවුල අතරතුරදී, පහත මාලයේ සිටි තරුණයා පිහියක් රැගෙන පැමිණ කුලීකරුවන්ට පහර දීමට උත්සාහ කර ඇති බව පොලිසිය පවසයි. එම ගැටුමට මැදිහත් වූ නිවෙස් හිමිකාරිය වූ මල්කාන්ති මහත්මිය හදිසියේම සිහිසුන්ව බිම ඇද වැටී ඇත.

අනතුරුව ඇයගේ දියණියන් දෙදෙනා සහ අනෙක් තරුණයා විසින් වහාම ඇයව රාගම ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබුණද, ඒ වනවිටත් ඇය මියගොස් සිටි බව වෛද්‍යවරුන් විසින් තහවුරු කර තිබේ.

මෙම මරණය පහරදීමක් නිසා සිදුවූවක් ද, නැතහොත් ඇයට පැවති රෝගී තත්ත්වයක් උත්සන්න වීමෙන් සිදුවූවක් ද යන්න නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා පශ්චาත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය. වත්තල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.