Friday 7.30 am update
අද පෙරවරු 8 ට ආරම්භ කිරීමට නියමිතව තිබූ වෛද්‍ය වැඩ වර්ජනය දහවල් 12 දක්වා කල් දමා තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ ස්ථාන මාරු සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සමග පැවති සාකච්ඡාවල ලිඛිත එකඟතා ලබා දෙන තෙක් වැඩ වර්ජනය කල් දැමූ බවය.
Thursday 8.00pm update
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන අත්තනෝමතික වෛද්‍ය ස්ථානමාරුවලට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිකුරාදා (31) දින දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට තීරණය කර තිබේ. මෙම වැඩ වර්ජනය හෙට උදෑසන 8.00 ට ආරම්භ වීමට නියමිතය.
මෙම වර්ජනය සඳහා දිවයිනේ සියලුම රෝහල්වල වෛද්‍යවරුන් සහභාගී වන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා තහවුරු කළේය. මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් රට පුරා රෝහල්වල සාමාන්‍ය බාහිර රෝගී සේවා මෙන්ම දෛනික ප්‍රතිකාර කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වනු ඇතැයි ඔහු සඳහන් කළේය.
වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, සෞඛ්‍ය පද්ධතිය තුළ පවතින වෛද්‍ය හිඟය, කාර්ය මණ්ඩල ගැටලු, ඖෂධ හා වෛද්‍ය උපකරණවල පවතින උග්‍ර හිඟය සහ රෝගී පහසුකම්වල පවතින බරපතළ ගැටලු මධ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම වෛද්‍යවරුන් පීඩාවට පත් කරමින් කටයුතු කරන බවය.
කෙසේ වෙතත්, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් සාධාරණ විසඳුමක් ලබා දෙනු ලබන්නේ නම්, දියත් කිරීමට නියමිත මෙම වැඩ වර්ජනය පිළිබඳව නැවත සලකා බැලීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම් බවද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval