2026 වසර සඳහා වන අයවැය ඉලක්ක කරගනිමින්, ජාතික සංවර්ධන අරමුණු වඩාත් වේගවත් හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව, අදාළ සංශෝධනය යටතේ පත් කෙරෙන නව කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අද (10) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.
බිමල් රත්නායක ඇමතිවරයාට අයත්ව තිබූ 'වරාය හා සිවිල් ගුවන් සේවා ' ක්ෂෙත්‍රය අනුර කරුණාතිලකට පවරා ඇති අතර බිමල්ට ඒ වෙනුවට අනුර කරුනාතිලක සතුවූ නාගරික සංවර්ධන ක්ෂෙත්‍රය පවරා ඇත. කෙසේ වෙතත් ප්‍රවාහන හා මහාමාර්ග ඇමතිවරයා ලෙස බිමල්ගේ කාර්ය වෙනසක් කර නැත.
අනුර කරුණාතිලකට බිමල්ගේ රාජකාරී පැවරීම නිසා ඔහු සතුව තිබූ ඉදිකිරීම් සහ නිවාස ජලසම්පාදන කාර්ය කොටස මෙතෙක් නියෝජ්‍ය ඇමති ධූරයක් හෙබවූ වෛද්‍ය එච් එම් සුසිල් රණසිංහ වෙත පවරා ඇති අතර ඔහු දැරූ ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමති ධූරයට අරවින්ද සෙනරත් විතාරණට පවරා ඇත.
කම්කරු අමාත්‍යතුමා සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යව සිටි අනිල් ජයන්ත මහතාගෙන් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ධූරය ඉවත්කර ඇති අතර එම කොටස යූඩී නිශාන්ත ජයවීරට පවරා නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස පත්කර ඇත.
දිවුරුම් දී ඇති ඇමති හා නියෝජ්‍ය ඇමතිවරුන් පහත පරිදිය.

Comments
Post a Comment
Your comment will be visible after approval