වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වන ලසන්ත වික්‍රමසේකර මහතා (සජබ) වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබේ. මිදිගම ලසා යන අන්වර්ථ නාමයෙන්ද හැඳින්වෙන ඒ මහතා ප්‍රාදේශීය සභා කාර්යාලයේ සභාපති අසුනේ සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී තිබූ අතර පසුව වාර්තාවූයේ බරපතල තුවාල ලැබූ ඔහු වෙඩි ප්‍රහාරයෙන් මියගිය බවයි.
යතුරුපැදියකින් පැමිණි හඳුනා නොගත් තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වේ.
මෑතකදී මොහුට එරෙහිව අධිකරණ වරෙන්තුවක්ද නිකුත් කර තිබුණේ ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන නීතිඥ තාරක නානායක්කාර මහතාට මරණ තර්ජනය කළ බව කියන සිද්ධියකට අදාළ නඩුවක් සඳහා පෙනී නොසිටීම හේතුවෙනි.
පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ නීතිඥ තාරක නානායක්කාර මහතාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් වින්දිතයන් සුරැකීමේ පනත යටතේ ලසන්ත වික්‍රමසේකර මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
වැලිගම ප්‍රාදේශීය සභාපති ඡන්දය ඉල්ලන්ට පෙර 'අපේක්ෂක' සමයේ මොහු පාතාල ක්‍රියාකාරීන් හා සම්බන්ධතා ඇති අයකු බවටත් මිදිගම ලසා නම් අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලැබූ බවත් විරෝධයක් පළව තිබුණි.
මොහු 2018 වර්ෂයේ පළාත් පාලන මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වී ඇති අතර 2025 පළාත් පාලන මැතිවරණය සදහා වැලිගම ප්‍රාදේශිය සභාව සදහා මිදිගම බටහිර කොට්ඨාසයෙන් සජබෙන් ඉදිරිපත් වී තිබුණි.
ලසන්ත වික්‍රමසේකර නොහොත් මිිදිගම ලසා නැමැති මෙම පුද්ගලයා සංවිධානාත්මක අපරාදකරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැති අපරාධකරු සමග සමීප සම්බන්දතා පවත්වන පුද්ගලයෙකු බවට හරක් කටා නැමැති සංවිධානාත්මක අපරාදකරුගේ අපරාධ මෙරට තුළදී ක්‍රියාත්මක කරන බවටත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවටත් චෝදනා එල්ලවී තිබේ.
මොහු මින් පෙර කරන ලද අපරාධ රැසක් සම්බන්දයෙන් අවස්ථා කිහිපයකදී රක්ෂිිත බන්ධනාගාර ගත වී සිට ඇති අතර පුද්ගලයන්ට වංචා කිරීම සම්බන්දයෙන් අත්හිටවූූ සිර දඩුවම් ලබා සිටි පුද්ගලයෙකු බවද හෙළි දරව් වි තිබුණි.
එමෙන්ම මොහු 2008 වර්ෂයේදී අවි ආයුධ පෙන්වා ඇගලුම් සේවිකාවකගෙන් රත්රන් බඩු කොල්ල කෑමේ සිදුවීීමක් සම්බන්දයෙන්ද, පුද්ගලයෙකුට වෙඩිතබා තුවාල කිරීම සදහා ආධාර අනුබල දීම යටතේ වන නඩුවක් සදහාද, ටී 56 ගිනි අවියක් නිවසේ තබා ගැනීම සම්බන්දයෙන්ද පුද්ගලයන් කිහිප දෙනෙකුට මුදල් වංචා කිරීම් සම්බන්දයෙන්ද සන්ෂයින් සුද්දා යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලැබූ සංවිධානාත්මක අපරාද කරුවෙකු ඝාතන සැලැස්මක් මෙහෙයවීම සම්බන්දයෙන් ද, ඇතුලුව අපරාධ විශාල සංඛ්‍යාවක් සම්බන්ධයෙන් නඩු රැසක් මොහුට එරෙහිව විභාග වෙමින් ඇති බවට ද ආරංචි මාර්ග පවසයි.
මොහුගේ නම වැලිගම ප්‍රාදේශීය සභාව සදහා යෝජනා කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඇතුලෙන්ම දැඩි විරෝධයක් එල්ලවී තිබුණද පසුව කෙසේ හෝ ඔහු ඉදිරිපත් කර තිබුණි.

Comments
Post a Comment
Your comment will be visible after approval