
විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "කළුබෝවිල අවිෂ්ක" ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ප්‍රධානතම ගෝලයෙකු වන "කළුබෝවිල චූටි" නැමැත්තා සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත්වී තිබේ.
පිළියන්දල පොලිස් වසමට අයත් බෝකුන්දර මාරගයේ, මකුළුදුව පාර හංදිය ආසන්නයේදී ඊයේ (05) සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකාර සොහොයුරන් දෙදෙනා කොටුකරගෙන ඇත.
ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 106ක් සහ මෙත්ඇම්පෙටමින් හෙවත් අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 478ක ප්‍රමාණයක් ද නිලධාරීන් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් පිළියන්දල ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 24 සහ 25 යන වයස්වල පසුවන්නන් බව පොලීසිය මගින් තහවුරු කරගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කිරීම සඳහා සැකකරුවන් දෙදෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval