ගාල්ල නාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරක් මත සිදුකළ වැටලීමකදී, විදේශ රටක නිෂ්පාදිත පෑනක ස්වරූපය ගත් ගිනි අවියක් සමග තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. මෙම වැටලීම ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, අළුත්තානායම්ගොඩ ප්‍රදේශයේදී සාර්ථකව සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී එක් උණ්ඩයක් පමණක් යෙදිය හැකි, අර්ධ ස්වයංක්‍රීය විදෙස් නිෂ්පාදිත ගිනි අවියක්, ඊට භාවිත කරන උණ්ඩ දෙකක් සහ භාවිතයෙන් පසු ඉතිරි වූ පතොරොම් කොපු පහක් පොලිස් භාරයට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මාපලගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකු බවට හඳුනාගෙන ඇති අතර, නාගොඩ පොලීසිය විසින් මෙම ගිනි අවිය සහ සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.