a-police-report-is-mandatory-before-seeking-votes-from-the-pohottuwa-namal-rajapaksa

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ, ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා තම පක්ෂයෙන් නාම යෝජනා අපේක්ෂා කරන්නන් හට පොලිස් වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කරන බවයි. මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ වැනි ක්‍රියාවලට සම්බන්ධතා ඇත්දැයි පරීක්ෂා කිරීම මෙහි මූලික අරමුණ බව ඒ මහතා සඳහන් කළේය.



නුදුරේදීම පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින්,


පක්ෂයක් ලෙස අපේක්ෂකයින් ඉදිරිපත් කරන ආකාරය සහ නාම යෝජනා ලබා දීමේ ක්‍රමවේදය පිළිබඳව තීරණයකට එළඹිය යුතුව ඇති බවද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

මෙම තීරණ ගැනීමේදී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග  කටයුතු කළ සහෝදර දේශපාලන පක්ෂ, වාමාංශික පක්ෂ සහ අනෙකුත් දේශපාලන කණ්ඩායම්වල නායකයින් සමග පුළුල් සාකච්ඡා වටයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව හෙතෙම කියා සිටියේය.

මැතිවරණ තරග කරන ස්වරූපය පිළිබඳ අවසන් ප්‍රකාශය මැතිවරණ දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සිදුකරන බවත්, කෙසේ වෙතත් ශක්තිමත් දේශපාලන බලවේගයක් ලෙස මැතිවරණයට මුහුණ දීමට සූදානම් බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.